නයනක රන්වැල්ලසමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක රිලව් ප්‍රශ්නෙට විද්‍යාත්මක උත්තරය නයනකගෙන්

පරිසර ප්‍රශ්නයට විද්‍යාත්මකව උත්තර හොයන කිසිම කෙනෙක් මේ ආන්ඩුවෙ නෑ.. අපි මුල ඉදන් කිව්වා මේ විදියට යන්න බෑ කියලා.. ලාල්කාන්ත දෙන උත්තර දැක්කම අපිට පුදුමයි රිලව් දුපත් වලට ගාල් කරන්න කියනවා.. මරන්න කියනවා. ඒවා උත්තර නෙවෙයි.
ඔවුන්ට කෑම සහ ජලය ලබාදෙන එක අහුරන්න ඕනේ..
වද සැත්කම් කරන්න කතා කරනවා. වද සැත්කම් කරන්න පුළුවන් වෛද්‍යවරු දෙන්නයි ලංකාවේ ඉන්නේ. ජීවිත කාලේම වද සැත්කම් කලත් මේ ප්‍ර්ශ්නේ ඉවර කරන්න බෑ.

රිලවෙක් අවු.25ක් 30ක් ජිවත් වෙනවා. අවු.10න් සැත්කම් කලත් තව අවුරුදු 20ක් බත් මුට්ටි උස්සනවා.

මට එක ගොවියෙක් මෙහෙම කිව්වා.
වායු තුවක්කුවකින් මම රිලවෙක්ට වෙඩි තිබ්බා. බලනකොට පැටව් හම්බවෙන්න ඉන්න රිලවියක්. තියපු වෙඩිල්ල බඩට වැදිලා තියෙන්නේ.. රිලවි බඩ අතගාලා මට ලේ පෙන්නුවා..

අලි පන්න එක සාර්ථක නෑ. එහෙම ක්‍රමයක් ලෝකේ නෑ. අලි පන්නගෙන යනකොට ලොකු කුබුරු යායකට අහුවෙලා මුලු කුඹුරම විනාශ කලා.. මේ ආණ්ඩුව විද්‍යාතමක දැනුම ලබාගන්නේ නෑ එහෙම තියන කෙනෙකුත් නෑ..

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *