නරේන්ද්‍ර මෝදිගෙන් “දිව්‍යස්ත්‍රා” මෙහෙයුම

ඉකුත් මාර්තු 11 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට “දිව්‍යස්ත්‍රා” මෙහෙයුමේ විශිෂ්ට සාර්ථකත්වය ගැන ආඩම්බරයෙන් ප්‍රකාශයක් සිදු කර තිබුණි.

එය MIRV තාක්ෂණය සහිත ලොව ප්‍රභල රටවල් අතරට ඉන්දියාවත් ඇතුළත් වූ අවස්ථාවයි.

MIRV යනු එකම මිසයිලයකින් න්‍යෂ්ටික උණ්ඩ කිහිපයක් රැගෙන යාමේ තාක්ෂණයයි.

සෑම යුධ ශීර්ෂයක්ම කිලෝමීටර් සිය ගණනක දුරින් පිහිටි විවිධ ඉලක්ක වෙත සාර්ථකව එල්ල කළ හැකි වනවා.

නැතහොත් ඒවායෙන් සියල්ලටම වඩා විශාල විනාශකාරී බලයකින් එකම ඉලක්කයට පහර දිය හැකිය.

එම තාක්ෂණය ලොවට සොයා ගැණුනේ 1960 ගණන්වල මුල් භාගයේදීයි.

එම තාක්ෂණය අමෙරිකාව, රුසියාව, චීනය,බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය මේවනවිටත් එම හැකියාව පෙන්නුම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ පාලනය යටතේ සිදු කල “”Mission Divyastra” හිදී අග්නි 05 මිසයිලය අත්හදා බලා ඉන්දියාව ද සාර්ථකව එම ලෝක ප්‍රභලයින් අතරට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ.

ඉන්දියාවේම නිෂ්පාදනයක් වන අග්නි-5 මිසයිලය ආරක්ෂක හැකියාවන් සම්බන්ධයෙන් ඉන්දියාවේ තාක්ෂණික ප්‍රගතිය ප්‍රදර්ශනය කරන කදිම උදාහරණයක්.

එමෙන්ම එම මෙහෙයුමෙන් ප්‍රදර්ශනය කෙරෙන්නේ ගෝලීය ආරක්ෂාවේ ප්‍රබල බලවේගයක් ලෙස ඉන්දියාවේ නැගී සිටීමයි.

එහිදී අති නවීන ආරක්ෂක හැකියාවන් හරහා ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන අතරම ඉන්දියාව සතුව ඇති කලාපීය නායකත්වය දැරීමේ හැකියාව ද නැවත අවධාරණය කරනවා.

දිව්‍යස්ත්‍රා මෙහෙයුමේ වඩාත් ආකර්ෂණීය අංගය වන්නේ ඒ සඳහා වූ කාන්තා විද්‍යාඥවරියන් සහ ඉංජිනේරුවන්ගේ නායකත්වය බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

57 හැවිරිදි වැඩසටහන් අධ්‍යක්ෂ ෂීනා රාණි එහිදී සුවිශේෂී කාර්යයක් සිදු කර ඇතැයි ද සඳහන්.

පරිගණක විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ඇය වික්‍රම් සාරාබායි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසර අටක පළපුරුද්දක් ලබා ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව 1999 වසරේදී ඇය ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) සමග එක්ව තිබුණා.

අනතුරුව ඇය අග්නි මිසයිලය අත්හදා බැලීමේ වැඩසටහනට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

මෙම MIRV තාක්ෂණය Agni-5 මිසයිලය වෙත ඒකාබද්ධ කිරීම ඉන්දියාවේ උසස් විද්‍යාත්මක හැකියාව, අති නවීන ආරක්ෂක හැකියාව සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව ශක්තිමත් වී ඇති ආකාරය මනාව නිරූපණය කරන බවට උදාහරණයක් ද වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *