නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයට සතුටු වන බවත් සෞඛ්‍ය ක්ෂේත්රයට ජාතික ප්‍රතිපත්තියක් ඇතිවීම ඉතාමත්ම වැදගත් දෙයක් වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම මේ වැඩේ පටන් ගත හැකි බවත් මගෙන් රටට ප්‍රියන්ත තිලකරත්න පවසනවා
මගෙන් රටට මාධ්‍ය හමුවෙඩි ඔහු මේ බව සඳහන් කර සිටියා
ඊයේ දවසේදී නලින්ද ජයතිස්සගේ ප්‍රකාශයට තම්බ් එකක් දෙනවා අපි.සෞඛ්‍ය ක්ෂේත්රයට ජාතික ප්‍රතිපත්තියක් ඇතිවීම ඉතාමත්ම වැදගත් දෙයක් එහෙමනම් එතුමාට පුළුවන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම මේ වැඩේ පටන් ගන්න. අවුරුදු පහක් තිස්සේ ඖෂධ නියාමන අධිකාරිය දත්ත පද්ධතිය අක්‍රීයව තියෙන්නේ. මේ දත්ත දත්ත පද්ධතිය විනාශ කරපු හොරුන්ට දඬුවම් ලැබිලා නෑ ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ වංචා දූෂණ රාශියක් මේ වන විටත් සිද්ධ වෙනවා. ඒ වගේම වෛද්‍ය සැපයුම් අංශයේ කල් ඉකුත්වූ බෙහෙත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගබඩා කර තිබෙනවා.
ඒ වගේම විශේෂ හෙළිදරව්වකුත් අද දවසේදී අපි සිද්ධ කරනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂකවරයා විසින් අත්සන් කරන ලද ලිපියක්.මේ ලිපියෙන් කියන්නේ ලීසින් වාහන සීස් කිරීම සඳහා කිසිම චක්‍රලේඛයක් මහා බැංකුවේ නිකුත් කරේ නැති බවත් ඒ සඳහා මුදල් අය කර ගැනීමට අනුමැතියක් ලබාදී නැති බවත් ය.
ප්‍රියන්ත තිලකරත්න වොයිස් කට් ඇත