සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 209ක් රැස් කර ගැනීමට අද (17) සමත් වුණා.
ඒ කඩුළු සියල්ල දැවී යාමෙන්.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව තිරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.
ඒ අනුව නවසීලන්තය පන්දුවට පහරදෙමින් සිටින අතරතුරදී පිටිය ඇද හැළුණු වර්ශාව හේතුවෙන් තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 47 බැගින් සීමා කෙරුණා.
එහිදී නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 45.1ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 209ක් රැස් කර ගත්තා.
Will Young ලකුණු 26ක්ද, Tim Robinson ලකුණු 04ක්ද, Henry Nicholls ලකුණු 08ක්ද, Mark Chapman ලකුණු 76ක්ද, Glenn Phillips ලකුණු 15ක්ද, නායක Mitchell Santner ලකුණු 06ක්ද, Mitchell Hay ලකුණු 49ක් ද රැස් කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂණ කඩුළු 03 බැගින්ද, අසිත ප්‍රනාන්දු කඩුළු 02ක් ද, දුනිත් වෙල්ලාලගේ සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාවට පිළිතුරු ඉනිම සඳහා ලකුණු 210ක ඉලක්කයක් හිමියි.