අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ පිහිටුවන අධ්‍යාපන කවුන්සිලය” නමින් ක්‍රියාත්මක වන ව්‍යාජ WhatsApp සමූහයක් පිළිබඳව මහජනතාව දැනුවත් කර තිබේ.අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම සමූහය අධ්‍යාපන කලාප හරහා ගුරුවරුන් එක්සත් කරන බවට ප්‍රකාශ කළද, එය අමාත්‍යාංශය සමඟ කිසිදු ආකාරයකින් අනුබද්ධ හෝ අනුමත කර නොමැති බවයි.මෙම වේදිකාව ඔස්සේ සිදුකරන කිසිදු සන්නිවේදනයක් හෝ ක්‍රියාකාරකමක් සඳහා තමන් වගකියනු නොලබන බවද බලධාරීන් අවධාරණය කරයි.රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුලපිරීමට වල කැපීමට උත්සාහ කරන මෙවැනි කණ්ඩායම් මගින් නොමඟ නොයන ලෙස අධ්‍යාපනඥයින්ට සහ මහජනතාවට අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී ඇත.
























