නව ජාතික වාර්තා 2ක් පිහිටුවමින් යුධ හමුදා මලල ක්‍රීඩා තරගාවලිය නිමා වෙයි

නව ජාතික වාර්තා 2ක් සහ තරග වාර්තා 11ක් පිහිටුවමින් 59 වැනි යුධ හමුදා මලල ක්‍රීඩා තරගාවලිය නිමාවට පත් වුණා.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ රිටි පැනීමේ ඉසව්වේදී මීටර් 5.17ක් වාර්තා කරමින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබළ කේ. පුවිතරන් නව ජාතික වාර්තාවක් පිහිටවනු ලැබුවා.

එමෙන්ම, කාලතුවක්කු හමුදා කණ්ඩායම තවත් ජාතික වාර්තාවක් පිහිටවනු ලැබුවේ පිරිමි මීටර් 200 සහය දිවීමේ ඉසව්ව, විනාඩි 1යි මිනිත්තු 29යි තප්පර 93කින් අවසන් කරමින්.

මීට අමතරව පිරිමි මීටර් 100, 200, 400 සහ මීටර් 3000ක බාධක දිවීම මෙන්ම කාන්තා මීටර් 400, 800 යන ඉසව්වලදීද නව තරග වාර්තා පිහිටුවීමට යුධ හමුදා ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *