නව රජයේ පළමු අයවැය කාන්තාවාදී අයවැයක් – මන්ත්‍රී සමන්මලී ගුණසිංහ

නව රජයේ පළමු අයවැය කාන්තාවාදී අයවැයක් බව  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය, පැවසුවාය.අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය  මේ බව පැවසුවාය.

ඔටිසම් වැනි ස්නායු රෝගවලින් පෙළෙන දරුවන් වෙනුවෙන් වසර 05ක ජාතික වැඩපිීළිවෙලක්  මෙවර අයවැයෙන් සකස්කර ඇති බවත්, අනාථනිවාසවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල දරුවන්ට උප්පැන්නයක් පමණක් නොව එවැනි දරුවන් වෙනුවෙන් රුපියල් පන්දහසක දීමනාවක් මෙවර අයවැයෙන් වෙන් වී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.


වැඩඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මෙසේ පැවසුවාය.
නව රජයේ පළමු අයවැය කාන්තාවාදී අයවැයක්.රුපියල් බිලියන 7.05ක් ගැබිණි මව්වරුන්ගේ පෝෂණය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. ත්‍රිපෝෂ වෙනුවෙන් රුපියල් බිලියන 07ක් වෙන් කර තිබෙනවා.
පෙර පාසල් ගුරුවිරියන්ගේ දීමනවා, 5 ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දීමනාව වැඩිකර තිබෙනවා. මහපොළ ශිෂ්‍යධාර වැඩිකර තිබෙනවා. මේ සියල්ල දැනෙන්නේ අම්මටයි. කිසිම නායකයෙකුට හසුනොවූ පැති වෙනුවෙන් මුදල් වෙන්කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන්කර තිබෙනවා. කාන්තාවන්ගේ සංවදෙී ප්‍රශ්න වලට පිළිතුරු දීමට ජනපතිට හැකි වීතිබෙනවා.
කුරුඳු ආදී කර්මාන්ත සඳහා රුපියල් බිලියන 11.03ක් මෙවර අයවැයෙන්  වෙන් කර තිබෙන්නේ කාන්තා ශ්‍රමය ජාතික ආර්ථිකයට දායකකර ගැනීමට බවද මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *