ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාව සහ චීනය වැනි අනෙකුත් රටවල් සමඟ සමගාමීව කටයුතු කිරීම සඳහා එක්සත් ජනපද න්‍යෂ්ටික අවි පරීක්ෂණ නැවත ආරම්භ කරන ලෙස එක්සත් ජනපද හමුදා නායකයින්ගෙන් ඉල්ලා සිටියේය. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා දකුණු කොරියාවේදී හමුවීමට ට්‍රම්ප් පිටත්ව යෑමට මොහොතකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් මෙසේ ලියා තිබුණි: “අනෙකුත් රටවල් ඔවුන්ගේ පරීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බැවින්, අපගේ න්‍යෂ්ටික අවි පරීක්ෂණ සමාන පදනමකින් ආරම්භ කරන ලෙස මම යුද්ධ දෙපාර්තමේන්තුවට (Department of War) උපදෙස් දී ඇත.”ට්‍රම්ප් සඳහන් කළේ, ලොව ඕනෑම රටකට වඩා වැඩිම න්‍යෂ්ටික අවි සංඛ්‍යාවක් ඇත්තේ එක්සත් ජනපදයට බවත්, රුසියාව දෙවන ස්ථානයේ සිටින අතර චීනය “ඉතා දුරින් තුන්වන ස්ථානයේ” සිටින බවත්ය. කෙසේ වෙතත්, ඇමරිකාව 1992 වසරෙන් පසු න්‍යෂ්ටික අවි පරීක්ෂණ පවත්වා නොමැත.මෙම ප්‍රකාශය නිකුත් වූයේ, සීමා රහිත පරාසයක් ඇති බවට වාර්තා වන න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන මිසයිලයක් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් දින කිහිපයකට පෙර රුසියාව හෙළා දුටු පසුබිමකය.බදාදා රාත්‍රියේ ට්‍රම්ප් විසින් පළ කරන ලද පණිවිඩයේ න්‍යෂ්ටික අවිවල “අතිමහත් විනාශකාරී බලය” පිළිගන්නා අතර, නමුත් සිය පළමු ධූර කාලය තුළ එක්සත් ජනපද අවි ගබඩාව යාවත්කාලීන කිරීමට සහ අලුත්වැඩියා කිරීමට “වෙනත් විකල්පයක් නොතිබූ” බවද ඔහු පැවසීය.තවද, චීනයේ න්‍යෂ්ටික වැඩසටහන “වසර 5ක් ඇතුළත සම තත්ත්වයට” පත්වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.මෙම පරීක්ෂණ සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳව ට්‍රම්ප්ගේ පණිවිඩයේ විස්තර ඇතුළත් නොවූ නමුත්, “ක්‍රියාවලිය වහාම ආරම්භ වනු ඇතැයි” ඔහු ලිවීය.මෙය දීර්ඝ කාලයක් තිස්සේ පැවති එක්සත් ජනපද ප්‍රතිපත්තියක පැහැදිලි වෙනසක් සනිටුහන් කරයි. අවසන් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි පරීක්ෂණය සිදුවූයේ 1992 වසරේදී වන අතර, එවකට රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් මහතා සීතල යුද්ධය අවසන් වීමත් සමඟ එය අත්හිටුවීමට නියෝග කළේය.ට්‍රම්ප් මෙම පණිවිඩය නිකුත් කළේ ෂී ජින්පින් මහතා දකුණු කොරියාවට ගොඩබසිනවාට මොහොතකට පෙරය. 2019න් පසු දෙදෙනාගේ පළමු මුහුණට මුහුණ හමුවීම එය විය. ගිම්හායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොස් ෂී මහතා හමුවීමට මැරීන් වන් (Marine One) හෙලිකොප්ටරයෙන් ගමන් කරමින් සිටියදී ඔහු මෙම පණිවිඩය පළ කර තිබේ.එක්සත් ජනපදය අවසන් වරට න්‍යෂ්ටික බෝම්බයක් පරීක්ෂා කළේ 1992 සැප්තැම්බර් 23 දින ය. එම පරීක්ෂණය නෙවාඩා ප්‍රාන්තයේ භූගත පහසුකමකදී සිදු විය. ලෝකයේ ප්‍රථම පරමාණු බෝම්බය නිපදවීමට මූලික කාර්යභාරයක් ඉටු කළ ලොස් ඇලමෝස් ජාතික රසායනාගාරයට අනුව, “ඩිවයිඩර් (Divider)” නම් සංකේත නාමයෙන් යුත් මෙම ව්‍යාපෘතිය එක්සත් ජනපදය විසින් සිදු කරන ලද 1,054 වැනි න්‍යෂ්ටික අවි පරීක්ෂණය විය.ලෝකයේ ප්‍රථම පරමාණු බෝම්බය නිපදවීමට මූලික කාර්යභාරයක් ඉටු කළ ලොස් ඇලමෝස් ජාතික රසායනාගාරයට අනුව, “ඩිවයිඩර් (Divider)” නම් සංකේත නාමයෙන් යුත් මෙම ව්‍යාපෘතිය එක්සත් ජනපදය විසින් සිදු කරන ලද 1,054 වැනි න්‍යෂ්ටික අවි පරීක්ෂණය විය.ලෝකයේ ප්‍රථම පරමාණු බෝම්බය නිපදවීමට මූලික කාර්යභාරයක් ඉටු කළ ලොස් ඇලමෝස් ජාතික රසායනාගාරයට අනුව, “ඩිවයිඩර් (Divider)” නම් සංකේත නාමයෙන් යුත් මෙම ව්‍යාපෘතිය එක්සත් ජනපදය විසින් සිදු කරන ලද 1,054 වැනි න්‍යෂ්ටික අවි පරීක්ෂණය විය.ලොස් වේගාස් සිට සැතපුම් 65ක් (කිලෝමීටර් 105ක්) උතුරින් පිහිටි නෙවාඩා පරීක්ෂණ ස්ථානය තවමත් එක්සත් ජනපද රජය විසින් පවත්වාගෙන යනු ලැබේ.ස්මිත්සෝනියන් ආයතනයේ අනුබද්ධ ආයතනයක් වන න්‍යෂ්ටික විද්‍යාව හා ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරයට අනුව, “අවශ්‍ය යැයි හැඟේ නම්, න්‍යෂ්ටික අවි පරීක්ෂණ සඳහා එම ස්ථානය නැවත බලය පැවරිය හැකි” බව සඳහන් වේ.























