නාගොඩ රෝහලේදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩි ප්‍රහාරයක්

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු ඉලක්ක කර ගනිමින් අද (දෙසැම්බර් 31) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයාට අනුව, උදෑසන 6.00 ට පමණ රෝහලට ඇතුළු වූ හඳුනා නොගත් තුවක්කුකරුවෙකු විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරයෙන් රැඳවියාගේ උදර ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර, ඔහු මේ වන විට ශල්‍යකර්මයකට භාජනය වෙමින් පවතින බව වාර්තා වේ.​පොලිසිය සඳහන් කරන පරිදි, රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, වෙඩි තැබීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 920

Leave A Reply

Your email address will not be published. Required fields are marked *