​නාමල් රාජපක්ෂට එරෙහි ‘ක්‍රිෂ්’ නඩුව පෙබරවාරි 16 වනදාට: ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයට භාර දෙයි

​ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩුව ලබන පෙබරවාරි 16 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවර්ණදුගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සාධාරණ නඩු විභාගයක් සඳහා විත්ති පාර්ශවය මීට පෙර ඉල්ලා තිබූ ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් ඔවුන් වෙත භාර දෙනු ලැබීය. ඉන්දීය නිශ්චල දේපළ සමාගමක් වන ‘ක්‍රිෂ් ලංකා’ ආයතනය මෙරට රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා ලබාදුන් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාව මත නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

What's your reaction?

Related Posts

1 of 894

Leave A Reply

Your email address will not be published. Required fields are marked *