රනිල් සජිත් එක් විය යුතු බව
*ශාස්ත්‍රවේදී වැලිපත ධම්මාරාම හිමියෝ අද කිරුළපනේදී පැවති
*මාධ්‍ය හමුව*හමුවේදී මේ බව පැවසුවා..
සජිත් සහ රනිල් දැවැන්ත නායකයෝ දෙන්නෙක් බවත් රටේ වර්තමාන තත්ත්වයට විසඳුම් ලෙස මේ දේ දෙනා එක්කෝ කටයුතු කිරීමට එක් විය යුතු බව ධම්මාරාම හිමියෝ මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නා..
………………………………..
රට තුල සිස්ටම් චේන්ජ් කරන්න ඕන කියලා කතා උනා.සිතුම් පැතුම් වලින් පිරිච්ච නායකයෝ චේන්ජ් කරන්න ඕන ඊට කලින් .ජාතික එකමුතුවක් ගැන ආගමික එකමුතුවක් ගැන කතා වෙනවා.ඊට පෙර රටේ පක්ෂ නායකයෝ තුල එකමුතුවක් ගොඩනගන්න ඕන.
රටේ පුරවැසියන්ගේ කරමතින් බලයට ආපු බව නායකයෝ කල්පනා කරන්න ඕන.
සත්තුන්ට වඩා මිනිස්සු වෙනස්.
දේශපාලන නායකයෝ ජනතාවට වගකියන්න ඕන
ඒ වගකීමෙන් පරිභාහිරව කටයුතු කරනවා නම් ජනතා අප්‍රසාදය ඇතිවීම වලක්වන්න බෑ.
අදටත් ඇතැම් නායනයන්ට මල්මාල දාලා ගරු කරනවා.ඒ තරම් ඒ නායකයෝ ජනතාව වෙනුවෙන් සේවය කලා.ඒ නිසයි ජනතාව එලෙස සලකන්නේ.
අද එජාප නායකයෝ සජබ නායකයෝ එක එක තැන සාකච්ඡා කරනවා.අපි ඒක අගය කරනවා.
නමුත් පක්ෂ නායකයෝ දෙන්නා දෙපැත්තක ඉන්නවා.නිසි කල නිසි පියවර ගත යුතුයි.
දේශපාලනය කරද්දී ලොකු කම් මහන්තත්තකම් තියාගන්න බෑ.එහෙම නායනයෝ වැඩක් නෑ.
එජාපබ සජබය කියන්නේ ලක්ෂ 40-50 ක් ස්ථිර චන්ද තියන පක්ෂ.මේ උසා රනිල් සජිත් නායකයෝ මේක කල්පනා කරන්න ඕන.වැටුනේ ලිං කටින් නම් ගොඩවෙන්න ඕනෙත් ලිං කටෙන්.
රනිල් සජිත් දෙදෙනා එක මේසයේ සිට තීන්දු ගන්න තුරු කවුරු මොන තීන්දු ගත්තත් වැඩක් නෑ.
මේ අය වෙච්ච අඩුපාඩු ගැන ස්වයං පාපොච්චාරනයක් කල යුතුයි.
රනිල් කියන්නේ ලෝකය පිලිගත්ත නායකයෙක්.සජිත් මහතාත් රනිල් මහතාත් සුලු පටු නායකයෝ නෙවෙයි.
ජේ ආර් ජයවර්ධන මහතාගේ ගති ගුණ රනිල් මහතාට තියනවා.
නමුත් නායකයෝ විනිවිධ භාවයෙන් වැඩ කරන්න ඕන
පක්ෂ වල කේවට්ටයෝ වන්දි බට්ටයෝ ඉන්නවා.නායකයන්ට ගතු කේලම් කියනවා.ඒ අයට ඕන තනතුරු වරප්‍රසාද පමණයි.ඒ අය ඉදිරියට යන ගමන වලක්වනවා.
රනිල් මහතා සජිත් මහතාට මේ රට කරන්න පුලුවන්.
මහජනතාව අතරමං වෙන්න පුලුවන් කමක් නෑ.
මහජනතාව හොදට ඇදලා ඉන්නේ තවත් අදින්න සූදානම් නෑ.
ජනාධිපති පුටුව කියන්නේ මුක්තිය එක්ක තියන බලයක්.ඔතන ඉදගත්තම රාජ තේජස වැඩි වෙනවා.