නාරාහෙන්පිට බෝධිය යටට ආපු සිරිපාලටයි ,රාජෙස්වරිටයි,වැඩිහිටි නිවාසයක්

ද්‍රවිඩ කාන්තාවක් වන රාජෙස්වරිට වයස අවුරුදු හැත්ත හතරයි එයා ඉඳලා තියෙන්නේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ..

මතුගම ඉඳලා සිරිපාල කොළඹට ඇවිල්ලා තියෙන්නේ රස්සාවට..ඔහු සිංහල..

මේ දෙන්නම කලින් විවාහ වෙලා හිටපු දෙන්නෙක්..මේ දෙන්නටම දරුවෝ හතර දෙනා ගානේ ඉන්නවා..

වැඩ කරන තැනකදි තමයි මේ දෙන්නගේ සම්බන්ධය ඇතිවෙලා තියෙන්නේ…

නාරහෙන්පිට කුඩා පැල්පතක් හදාගෙන ඉඳලා තියෙනවා..
ඒ ඉඩම් වෙල ඉදිකිරීම් පටන් ගත්තහම එතනින් යන්න වෙලා..

දෙන්නම ඇවිල්ල තියෙන්නෙ නාරාහෙම්පිට හන්දියේ බෝධිය ළඟට..

අවුරුදු පහක්ම මේ දෙන්නා එතන ලෑලි කෑලි දෙකක් අටවගෙන පදිංචි වෙලා..

එතන තියෙන බෝධිය ළඟ තමයි දවස පුරාම ඉන්නේ..

දෙන්නම වයස නිසා වැසිකිලි කැසිකිළි අවශ්‍යතා එම ස්ථානයේම සිදු කරනවා..ඒක බෝධි භාරකාර මණ්ඩලයට අපහසුතාවයක් වෙලා..

බෝධිය භාරව ඉන්න අය වැඩිහිටි මහලේකම් කාර්යාලයට ලිපියක් ලියලා තියෙනවා…

එම ස්ථානයේ නිලධාරින් නාරාහෙම්පිට හන්දියට ආවේ මේ අයව පන්නල වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාසයට ගෙනියන්න…

w. රාජේ ස්වරි වයස අවුරුදු හැත්ත හතරයිි..
w.k සිරිපාලට වයස අවුරුදු අසූවයි.

රාජස්වරී මාධ්‍යයට කිව්වේ මගේ දරුවොත් එයාගේ දරුවොත් අපිට සලකන්නෙත් නෑ බලන්නෙත් නෑ කියලා..

දෙන්නගෙම දරුවන්ට හොඳට සල්ලි තියෙනවා ඒත් එන්නෙත් නෑ…

වඩාත් සංවේදී කතාවක් රාජස්වරී මාධ්‍යට කිව්වා……

මගේ ඇස් දෙක හොඳ කරගත්තොත් මට තනියම වැඩ කරගන්න පුළුවන්..රස්සාවක් කරන්නත් පුළුවන්…
ඒත් සිරිපාලට කවුරුත් නෑ..මම ඉන්නේ සිරිපාලොව බලා ගන්න ඕන නිසා..කියලා රාස්වරී කිව්වා.

වැඩිහිටි නිවාසයේ මේ දෙන්නටම එකට ඉන්න පුළුවන් බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නිලධාරීන් අපිට කිව්වේ..

තුෂාර ඉන්දික විජයමාන්න
(වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය)..

වැඩිහිටි මහලේකම් කාර්යාලයේ තුෂාර මහතා අපිට මේ අපිට කරුණු පැහැදිලි කළා..

බෝධි භාරකාර මණ්ඩලයේ කාන්තාවක්ද මාධ්‍යයට අදහස් දැක්වූවා…

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *