නාල්ලේදී ගව ජාවාරම්කරුවන්ට වෙඩි: සැකකරුවෙකු රෝහලේ

නාල්ල පොලිස් වසමට අයත් තලහේන හන්දිය අසලදී අද (25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටියදී, සැකකටයුතු ලෙස නවතා තිබූ ලොරි රථයකට නීතිවිරෝධී ලෙස ගවයින් පටවමින් සිටි පිරිසක් වැටලීමට යාමේදී මෙම ගැටුම හටගෙන ඇත.​අලුයම 2.35 ට පමණ සිදුවූ මෙම වැටලීමේදී, ලොරි රථයේ සිටි පුද්ගලයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබේ. එහිදී එක් සැකකරුවෙකු නිලධාරීන්ට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් සැරයන්වරයෙකු විසින් සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.​වෙඩි ප්‍රහාරයෙන් වම් අතට තුවාල ලැබූ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ප්‍රථමයෙන් මීරිගම රෝහලට ඇතුළත් කළ අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. ඔහුගේ ජීවිතයට අවදානමක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.​සිද්ධියත් සමඟ ලොරි රථයේ සිටි අනෙක් සැකකරුවන් සිව්දෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නාල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ වන විට එම ස්ථානයේ තිබූ ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇති අතර ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 985

Leave A Reply

Your email address will not be published. Required fields are marked *