ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාව ගිලී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය දැඩි අවධානය යොමු කර ඇති අතර, මෙය ඉන්දීය සාගරයේ දීර්ඝකාලීන සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමක් ලෙස ඔහු හඳුන්වා දී ඇත. ඉන්දියාවේ විශාඛාපට්නම් අසලදී ඉන්දීය නාවික හමුදාව සමඟ ඒකාබද්ධ අභ්‍යාසයක නිරතව සිටියදී, ඇමරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මෙම නෞකාව විනාශ වී ඉරාන ජාතිකයන් 80කට අධික පිරිසක් මියගිය බව පවසන ඔහු, කලාපීය ස්ථාවරත්වය සුරැකීමට ඉන්දියාව පෙරමුණ ගත යුතු බව අවධාරණය කළේය.එමෙන්ම, දිවි ගලවාගත් ඉරාන ජාතිකයන් මෙරටට ගෙන්වා නොගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ බව කියන ඉල්ලීම් විවේචනය කළ මන්ත්‍රීවරයා, ජාතික අවශ්‍යතා අනුව ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව සතු බව පෙන්වා දුන්නේය. මීට අමතරව, 2022 ආර්ථික අර්බුදය සහ ඉන් අනතුරුව ඇති වූ දේශපාලන පෙරළියට බාහිර මැදිහත්වීම් බලපෑ බවට චෝදනා කළ ඔහු, එම අර්බුදය හමුවේ තම පවුල වෙත එල්ල වූ දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු පැහැදිලි කළේය.
























