විදේශීය පෞද්ගලික සාගර ආරක්ෂක සමාගම් (PMSCs) සඳහා සේවා සහ පහසුකම් සැපයීමේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාවට Onboard Security Teams (OBST) වෙනුවෙන් ගිනි අවි තොගයක් ලැබී ඇත.මෙම ගිනි අවි, පතරොම් සහ අදාළ උපකරණ, 2025 අගෝස්තු 13 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2449/27 ට අනුකූලව, ගාල්ලේ පිහිටි OBST අවි ගබඩා සංකීර්ණයේදී නාවික හමුදාව විසින් විධිමත්ව භාර ගන්නා ලදී.දේශීය PMSC නියෝජිතයින් සමඟ ඇති කරගත් ගිවිසුම් යටතේ, OBST ගිනි අවි, පතරොම් සහ අදාළ උපකරණ ගබඩා කිරීම සහ ප්‍රවාහනය නාවික හමුදාව විසින් අධීක්ෂණය කර ආරක්ෂා කරනු ඇත.මෙම අවස්ථාවේදී, නාවික හමුදාව විසින් ප්‍රධාන කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ ද සම්බන්ධ වූ අතර, දේශීය PMSC නියෝජිතයින් විසි දෙනෙකුට අධික සංඛ්‍යාවක් නාවික පහසුකම්, ආරක්ෂක ක්‍රියාමාර්ග සහ මෙහෙයුම් ක්‍රියා පටිපාටි පිළිබඳව දැනුවත් කරන ලදී.
 
 






















