නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් දින 548කින් ප්‍රමාදයි: COPE අවධානයට!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ECT) ඉදිකිරීම් කටයුතුවල දීර්ඝ ප්‍රමාදය පිළිබඳව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කමිටුවේ (COPE) අවධානය යොමුව තිබේ. සමස්ත ව්‍යාපෘතියම දින 548කින් නියමිත කාලසටහනට වඩා ප්‍රමාද වී ඇති බව හෙළි විය. මන්ත්‍රී ආචාර්ය නිශාන්ත සමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති කෝප් කමිටු රැස්වීමකදී මෙම කාරණය සාකච්ඡාවට ගැනිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) 2022 සහ 2023 විගණකාධිපති වාර්තා සහ වත්මන් මෙහෙයුම් කාර්යසාධනය සමාලෝචනය කිරීම සඳහා මෙම සැසිය කැඳවා තිබුණි. එහිදී අනාවරණය වූයේ, පර්යන්තයේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු රුපියල් මිලියන 4,227ක වන්දියක් ඉල්ලා ඇති බවයි. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ඉඩම් අත්පත් කර ගැනීම් සහ නිෂ්කාශන තත්ත්වය පිළිබඳව ද කෝප් කමිටු සාමාජිකයෝ අවධානය යොමු කළහ. මෙම විගණන වාර්තා සහ කාර්යසාධන ගැටළු සම්බන්ධයෙන්ම සලකා බැලීම සඳහා වරාය අධිකාරිය සැප්තැම්බර් 10 වන දින ද කෝප් කමිටුව වෙත කැඳවා තිබූ අතර, එම රැස්වීමේදී විසඳා නොගත් කරුණු කිහිපයක් නැවතත් නවතම සැසියේදී සාකච්ඡාවට ගැනිණි.

What's your reaction?

Related Posts

1 of 843

Leave A Reply

Your email address will not be published. Required fields are marked *