නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 900කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව නිට්ටඹුව, පින්නගොල්ලවත්ත ප්‍රදේශයේ අරලිය පාරේදී මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී ත්‍රිරෝද රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 61.83ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු නිලධාරීන් භාරයට ගෙන ඇත.පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන “ඩුබායි වරුණ” සහ මොහොමඩ් සිද්ධික් මෙන්ම, දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව හෙවත් “ලේනා” යන අය සමඟ සමීප සබඳතා පවත්වන්නෙකු බවයි.


























