නිදහස් දින පෙරහුරු වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලසුමක්!

78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ පෙරහුරු සහ සූදානම් කටයුතු වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර ඇත. ඒ අනුව, ජනවාරි 30, ජනවාරි 31 සහ පෙබරවාරි 2 යන දිනවල පෙරහුරු පැවැත්වෙන අතර, එම දිනවල පෙවරු 7.45 සිට පස්වරු 1.30 දක්වා නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල රථ වාහන ගමනාගමනය සීමා කෙරේ. මීට අමතරව පෙබරවාරි 1 වනදා අලුයම 5.00 සිට පස්වරු 1.30 දක්වාත්, පෙබරවාරි 4 වනදා අලුයම 5.00 සිට උත්සවය අවසන් වන තෙක් තත්ත්වය මත පදනම්ව රථ වාහන සීමා පැනවීමට නියමිතය. මෙම රථ වාහන සැලසුමේ අරමුණ කොළඹ නගරයේ වාහන ගමනාගමනය විධිමත් කිරීම වන අතර, පෙරහුරු සහ ප්‍රධාන උත්සවය පැවැත්වෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 992

Leave A Reply

Your email address will not be published. Required fields are marked *