නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් මාධ්‍යවේදිනියකට හිරිහැර කිරීමේ චෝදනා

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් කාන්තා මාධ්‍යවේදිනියකට වාචිකව හිරිහැර කළ බවට විපක්ෂ මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය චෝදනා කර ඇත. පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය කියා සිටියේ මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී තමන් එහි සිටි බවයි. “මේ සිද්ධිය වෙනකොට මම මාධ්‍යවේදිනියගේ ළඟ හිටියා. ඒ වෙලාවේ ඇයට බරපතළ හිරිහැරයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ සිද්ධිය නිසා ඇය මානසිකව කඩා වැටුණා. ඒ සම්බන්ධයෙන් මම කනගාටුව ප්‍රකාශ කරනවා. නිරන්තරයෙන්ම මේ ප්‍රශ්න ගැන කතා කරන අග්‍රාමාත්‍යතුමියගේ අවධානය මේ කරුණ සම්බන්ධයෙන් යොමු කරනවා,” යනුවෙන් මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පැවසුවාය. ඇය වැඩිදුරටත් පැවසුවේ මෙය ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින කාන්තා මන්ත්‍රීවරුන් දෙදෙනාගේම යහපත සඳහා අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *