ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (පෙබරවාරි 18) පස්වරුවේ ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය ප්‍රධාන වශයෙන්ම බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව වෙත නිකුත් කර ඇති අතර, අදාළ පද්ධතියේ බලපෑම මත අදාළ මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර් 50–60 දක්වා වන ප්‍රබල සුළං සහ රළු හෝ ඉතා රළු මුහුදු ස්වභාවයක් අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම පද්ධතිය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන අතර, නාවික හා ධීවර ප්‍රජාව ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වැඩිදුරටත් දැනුම් දී සිටියි.

























