නිව් යෝර්ක්හි රහස් චීන පොලිස් ස්ථානයක් පවත්වාගෙන යාමට සහය දුන් අමෙරිකානුවෙකුට නඩු

අමෙරිකාවේ මෑන්හැටන් හි පදිංචි චෙන් ජින්පින් නමැත්තෙකු නිව් යෝර්ක්හි රහස් චීන පොලිස් ස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධව ෆෙඩරල් අධිකරණයේ එල්ල වූ චෝදනාවකට වරද පිළිගෙන ඇත.

අමෙරිකානු පුරවැසියෙකු වන චෙන් ජින්පින්ග් 2022 දී මෑන්හැටන් හි චයිනාටවුන් හි සැඟවුණු මුරපොලේ පරිපාලන කටයුතු සඳහා සහාය වී තිබේ.

අමෙරිකානු නඩුපවරන්නන්ට අනුව, එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ශාඛාවක් වන චීනයේ Fuzhou නාගරික මහජන ආරක්ෂක කාර්යාංශයේ නිලධාරීන් විසින් පිහිටුවා තිබේ.

නිව් යෝර්ක් හි චීන රජය විවේචනය කරන්නන් බිය ගැන්වීමට සහ නිශ්ශබ්ද කිරීමට එම පොලිස් ස්ථානය භාවිත කර ඇතැයි පැවසේ.

ලොව පුරා නගරවල චීන පොලිස් මුරපොලවල් 100 කට වඩා විවෘත කර ඇතැයි මේවනවිට අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

61 හැවිරිදි චෙන් විදේශ දිසාපතිවරයෙකු ලෙස ක්‍රියා කිරීමට කුමන්ත්‍රණය කළ බව පිළිගත් අතර ඒ සඳහා ඔහුට වසර පහක සිරදඬුවමක් නියම වනු ඇති.

What's your reaction?

Related Posts

1 of 145

Leave A Reply

Your email address will not be published. Required fields are marked *