නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් 3ක්

මහනුවර අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමග ගැටුමකට සම්බන්ධ වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව සහකාර පොලිස් අධිකාරී (ASP) එෆ්.යූ. වුට්ලර් මහතා අද (14) ප්‍රකාශ කළේය.​කැබිනට් තීරණ දැනුම් දීමේ සතිපතා මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇති බවත්, පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ විශේෂ විධිවිධාන යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත්ය.​මෙම නීතිඥවරයාට එරෙහිව ඉක්මනින් නීතිමය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 789

Leave A Reply

Your email address will not be published. Required fields are marked *