තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (16) කොළඹදී පැවැත්විණි. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අසලින් ආරම්භ වූ මෙම විරෝධතාව නීතිඥ සංගම් මූලස්ථානය දක්වා ගමන් කළ අතර, මීට සමගාමීව දිවයින පුරා නීතිඥවරුන් අද දින අධිකරණ කටයුතුවලින් බැහැරව සිටීමට තීරණය කර තිබුණි. මෙය අවසන් ඝාතනය විය යුතු බව අවධාරණය කළ නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු බවත්, මෙවැනි සිදුවීම් යළි නොවීමට වගබලා ගත යුතු බවත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.


























