නීතිඥ සංගමයේ වර්ජනයට රජයේ නීති නිලධාරීන්ගෙන් පූර්ණ සහය

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට එරෙහිව, 2026 පෙබරවාරි 16 වන සඳුදා දින අධිකරණ කටයුතුවලින් ඉවත්ව සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගත් තීරණයට සහය පළ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. හදිසි විධායක කමිටු රැස්වීමකදී මෙම එකඟතාවයට පැමිණ ඇති අතර, ඒ පිළිබඳව නීතිපතිවරයාවද දැනුවත් කර තිබේ. ඒ අනුව, අධිකරණයට පැමිණෙන රජයේ නීති නිලධාරීන්, නීතිඥ සංගමයේ මෙම තීරණයට ගරු කරමින් නඩු කල් තැබීමක් ඉල්ලා සිටින අවස්ථාවලදී ඊට විරෝධය නොදක්වන බව නීතිපතිවරයා දන්වා ඇත.​ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කළේ, මෙම සාමූහික ක්‍රියාමාර්ගය හරහා නීතිඥ ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, මහජන ආරක්ෂාව සුරැකීමටත් රජය කඩිනම් පියවර ගත යුතු බව අවධාරණය කරන බවයි. මෑතකදී සිදුවූ මෙම ද්විත්ව ඝාතනය හමුවේ සමස්ත නීති ක්ෂේත්‍රයම දැඩි ස්ථාවරයක සිටිමින් මෙම විරෝධතාවය දියත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *