නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් ජපානයේ දී ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ගබ්සාවක් සම්බන්ධයෙන් ජපානයේ දී ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉබරකි ප්‍රාන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික සිසුවියක් වූ අවුරුදු 30ක තරුණියක් සහ ඇගේ පෙම්වතායි.

ගබ්සාවට අධාර අනුබල දීමේ චෝදනාව මතයි පෙම්වතා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුගිය අප්‍රේල් 29 වැනි දින ද පෙම්වතාගේ නිවසේදී මත්ද්‍රව්‍ය භාවිත කර දරුවා ගබ්සා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ විෂයට අදාළ සුදුසුකමක් ලබා 2023 අප්‍රේල් මාසයේදී ජපන් පාසලට ඇතුළත් වී වසර දෙකක අධ්‍යාපනය ලබා පාසලේ නේවාසිකාගාරයේ ජීවත්ව තිබෙනවා.

පසුගිය මාසයක පමණ කාලය තුළ ඇය ඉඳහිට රෝගාතුර වුවද, මැයි 20 වනදා දක්වා ඇය සුපුරුදු පරිදි පාසලට පැමිණ තිබෙන අතර ඊට පෙර සතියේ, ඇය ජුනි දක්වා කාලය සඳහා ඇයගේ උපකාරක ගාස්තු ගෙවා ඇති බවයි වාර්තා

ඇය ගැබිනියක් බවට සිසුවියන් අතර කටකතා පැතිර යද්දී ඇයගේ හිටපු නේවාසික මිතුරිය තම මිතුරිය බඩේ අමාරුවක් ඇති බව පවසමින් එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *