නීතීඥ මන්ත්‍රී කියල පත්තරේ තිබුණු එකට දිළිතුත් බයවෙලා

නීතීඥ මන්ත්‍රී කියල පත්තරේ තිබු දේ හේතුවෙන් තමා බය වු බවත් ආණ්ඩුව එහෙන් වැජඹෙන්නේ කියලා තමා ප්‍රාර්ථනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර. පවසනවා.

බොරැල්ල ප්‍රධාන කාර්යාලයේ පැවති සර්වජන බලය මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියා

දිලිත් ජයවීර මහතා පවසා සිටියේ මෙවැන්නක්

” පිටත අපි බලය ලබාගන්නේ නෑ කවදාවත් .රට නැති අර්බුදයකට නොයාවි කියා අපි හිතනවා .

වර්තමාන රජය ඉහෙන් වැජබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.අපි ඇත්ත විපක්ෂයයි.

සජිත් මහත්තයා අහිංසක පිළිවෙතක් තෝරා ගෙන විශ්‍රාම යන්න හදනවා අපි එතුමාට සුබ විශ්‍රාම දිවියක් කියා ප්‍රාර්ථනා කරනවා. එදා සජිත් පාර්ලිමේන්තුවේදී කළේ සමුගැනීම වගේ එකක්. ජනතාවගේ මනෝ බාවය තේරැම් ගත්ත අයයි විපක්ෂය අපි තමයි දැන් මේ රටෙි ඉන්න එඩිතරම පක්ෂය .

පත්තරේ නීතිඥ මන්ත්‍රී කියල කිවුවම මමත් බය උනා ඒක තමයි අපේ රටේ සභ්‍යත්වය ගොඩනගන්න ඕනේ කියලා කියන්නේ.ආගම්වලින් උගන්වන්නේ අඩුපාඩු සහිතව ඉපදෙන මනුස්සයා යහමගට ගනීමයි.අනුර කුමාරට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ නිරාගමික ප්‍රවේශයක් ගත්ත අය සමඟයි.

මිනිසුන් ආත්ම වංචනිකව පිටතට සාදු චරිතලෙස පෙන්නනවා .

හැමදාම නිව්ස් එකක් එනවා එක දවසක කොට්ටච්චි අනිත් දවසේ දොඩාවත්ත මන්ත්‍රීතුමා දිනපතා පුවත් මැවෙන්නේ ඔවුන් කරන ආත්ම වංචනික ක්‍රියා නිසයි.

ඉදිරියේදී කරුණු සහිතව පාර්ලිමේන්තුවේදී ඔවුන් කොතරම් දූෂිතද යයි ප්‍රකාශ කරන්න කැමති.

අපි දූෂණ නැති කරන්න අනන්‍ය හැඳුනුම් අංකය ගේන්න කිව්වා

රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ජනවාරි පළවෙනිදාට කිරිබත් හදන්න හාලුත් නෑ පොලුත් නෑ ලුණුත් නෑ කියලා. “

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *