නුගේගොඩ ප්‍රදේශයේදී ඊයේ (දෙසැම්බර් 22) රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයෙකු පසුපස යතුරුපැදියකින් හඹා ආ හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලායන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. පොලිසිය සඳහන් කළේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දෙහිවල, බෝධියවත්ත, ශ්‍රී සරණංකර පාරේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවයි.වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.


























