නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමට උත්සාහ කළ මුහුදු ගුවන් යානයක් (Seaplane) ප්‍රබල සුළං තත්ත්වය හේතුවෙන් අනතුරට ලක්ව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ සිට ඇත්තේ නියමුවන් දෙදෙනා පමණක් බවයි. තුවාල ලැබූ නියමුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, සිද්ධියෙන් වෙනත් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැත. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.


























