නුවරඑළිය, ශාන්තිපුර ‘ඊගල්ස්’ නැරඹුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ

නුවරඑළිය, ශාන්තිපුර ඊගල්ස්’ නැරඹුම් මධ්‍යස්ථානය ඊයේ (26) අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ‘ඊගල්ස්’ නැරඹුම් මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ මූල්‍ය අනුග්‍රහය සහිතව ගුවන් හමුදාවේ ඉංජිනේරු සහය සහ සැලසුම් ඒකකයේ දායකත්වයෙන් මෙය ඉදිකර ඇත.

එම මධ්‍යස්ථානයේ සිට නුවරඑළිය නගරය, ග්‍රෙගරි වැව, හග්ගල, සප්ත කන්‍යා කදුවැටිය ඇතුළු විශේෂ ස්ථාන රැසක් සංචාරකයින්ට දැකගැනිමට අවස්ථාව හිමිවේ.

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මෙහි ප්‍රවේශ පත්‍ර QR ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *