නුවර උසාවියේ බෝම්බ බියක්

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකතන ඇමතුමක් හරහා මෙම බෝම්බ බිය පිළිබඳව තොරතුරු වාර්තා කර ඇති අතර අනතුරුව එම අධිකරණයේ නඩු විභාග කටයුතු නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කොට තිබුණා.

අනතුරුව බෝම්බ නිෂ්ක්‍රිය අංශය, හමුදාව සහ පොලීසිය එහි සෝදිසි මෙහෙයුමක නිරත වී ඇති අතර එවැනි කිසිදු දෙයක් හමු වී නැහැ.

කෙසේ නමුත් අදාල ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *