නේවාසිකාගාර ප්‍රශ්නය වෙනුවෙන් හඬ නැගූ ශිෂ්‍යයන්ගේ පන්ති තහනම වහා ඉවත් කරනු ජපුර සිසුන් උද්ඝෝෂණයක.

නේවාසිකාගාර හුවමාරුවක් හරහා නේවාසිකාගාර කප්පාදුවකට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය අර අදිමින් සිටින බවට මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කල්ප ඉසුරු ඉඳුවර පෙරේරා පවසනවා
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 16000 එකට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බවත් නේවාසිකාගාර පහසුකම් ඇත්තේ ඉන් 7000 වගේ ප්‍රමාණයක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බවත් ඒවත් හරි හැටි ක්‍රමවේදයකට දී ගැනීම සඳහා පාලන අධිකාරියා මේ මොහොත වන විට අසමත්ව ඇතිබවත් ඔහු ප්‍රකාශ කරා
අධ්‍යන ගැටළු මෙන්ම නේවාසිකාගාර පහසුකම් පිළිබඳ ප්‍රශ්න උඩුදුවන අවස්ථාවක පාලන අධිකාරිය විසින් මෙම නේවාසිකකාර හුවමාරුව තුළින් ශිෂ්‍යයන් මහ පාරට ඇද දැමීමේ මෙහෙයුමට එරෙහි වූ ශිෂ්‍යයන් 4 ක් මේ වන විට පන්ති තහනමට ලක්ව ඇති බවත් එම පන්ති තහනම වහා ඉවත්කර මේ නේවාසිකාගාර හුවමාරුව වහ අකුලාා ගන්නා ලෙසත් මහා ශිෂ්‍ය සංගමය පාලන අධිකාරියට කියා සිටිනවා.
ඒ සඳහා බල කිරීමේ උද්ඝෝෂණයක් අද සවස ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉද රිපිටකපැවැත්වුණා. මේ අවස්ථාවට ප්‍රශ්නයට මුහුණදීී ඇති සිසුන් පිරිසක් එක්ව සිටියා…

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *