නොරොච්චෝල ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීමේ දැනට පවතින ක්‍රමවේදය සමාලෝචනය කිරීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඒ.එස්. රොද්‍රිගෝ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ඇතුළත් වේ. මීට අමතරව, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විදුලිබල හා ප්‍රතිසංස්කරණ) කේ.එල්.ආර්.සී. විජයසිංහ මහතා මෙම කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන අතර, ගල්අඟුරු සැපයුම් ක්‍රියාවලියේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව තහවුරු කිරීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වේ.


























