පක්ෂ එකතුව ගැන එජාපයෙන් නිවේදනයක්..

මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමග ඉදිරියේදී සාකච්ඡා කර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමටත්, ඒකාබද්ධව කටයුතු කිරීමටත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අද(14) රැස්වූ විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් එකඟතාවකට පැමිණි බවත් එක්සත් ජාතික පක්ෂ  පාර්ශ්වයෙන් නිවේදනය කළේ ය.

කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද පැවැති මේ රැස්වීමට සමගි ජන බලවේගය වෙනුවෙන් සහභාගි වී ඇත්තේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයායි.

මීට අමතරව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක  නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා සහ  දුමින්ද දිසානායක, පොදුජන එක්සත් පෙරමුණේ අනුර ප්‍රියදර්ශන යාපා , කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරම්,  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ   නායක මනෝ ගනේෂන් , ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන්, පිවිතුරු හෙළ උරුමයේ නායක  උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයින් රැසක් මේ සාකච්ඡාවට සහභාගි වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ  සර්වජන බලයේ  නායක දිලිත් ජයවීර මහතා මෙම හමුවට දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ බවයි.

රනිල්   වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පැවැති මේ සාකච්ඡාවේදී, බලය පිහිටුවන පළාත් පාලන ආයතනවල නාමලේඛන සකස් කිරීමට අදාළ පක්ෂවල මහලේකම්වරුන්, හෙට හමුවීමටද තීරණය කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 749

Leave A Reply

Your email address will not be published. Required fields are marked *