පදවිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබයි

පදවිය පොලිස් වසමට අයත් ඕමාරකඩ ප්‍රදේශයේ දී ඊයේ (20) රාත්‍රී කාලයේදී පුද්ගලයෙකුට සිදුකළ වෙඩි තැබීමකින් ඔහු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක් හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලැබූ පුද්ගලයාගේ නිවස ආසන්නයේ දී පුද්ගලයෙකු විසින් මෙලෙස වෙඩි තබා තිබෙන බවට වාර්තාවනවා.පොලිසිය පවසන ආකාරයට පුද්ගලික ආරවුලක් මත මෙලෙස වෙඩි තබා ඇති බවට පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු පදිවිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා එම ප්‍රදේශයේම පුද්ගලයෙකු බව පොලිසිය වැසිදුරටත් පවසනවා.

සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පදවිය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *