පනාමුරේ ළමා නිවාසය ජනාධිපති අරමුදලින් අලුත්වැඩියා කර යළි විවෘත කරයි!

ජනාධිපති අරමුදලේ මැදිහත්වීම මත පනාමුරේ පිහිටි විජේවර්ධන ළමා නිවාසය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඊයේ (10) දින භාවිතය සඳහා යළි භාර දී ඇත. මෙම ළමා නිවාසයේ කළමනාකරණ මණ්ඩලයෙන් ලැබුණු ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහය සහ ශ්‍රම දායකත්වය ඇතිව අලුත්වැඩියා කටයුතු සිදු කෙරිණි. නේවාසිකාගාර සහ අනෙකුත් ප්‍රදේශ වර්ණ ගැන්වීම, මුළුතැන්ගෙය අලුත්වැඩියා කිරීම සහ ක්‍රියා විරහිත වූ සිවිලිම් විදුලි පංකා වැනි විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මෙයට ඇතුළත් විය.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *