පමුණුවේ වෙළෙන්දන්ට වෙළෙඳාම් කිරීමට තහංචියක්!

උත්සව සමයේදී පමුණුවේ වෙළෙඳාම් කිරීමට මෙතෙක් ලබා දී තිබූ අවසරය මෙවර මහරගම නගර සභාව විසින් අහෝසි කර ඇති බව මහරගම පමුණුව අලුයම සළුපිළි වෙළෙඳ සංගමය පවසමින් අප්‍රසාදය පළ කර තිබේ.

මහරගම නගර සභාවේ මෙම තීරණය හේතුවෙන් තම වෙළෙඳ කටයුතුවලට බාධා එල්ල වී ඇතැයි චෝදනා කරමින් එම සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

උත්සව කාලයේ කොළඹ නගරයේ පාරවල් වැහුවත්, එහේ වෙළෙඳුන්ට වෙළෙඳාම් කරන්න අවස්ථාව දෙනවා. එහෙම නම් ඇයි මහරගමට විතරක් මෙහෙම සලකන්නේ? රජය මැදිහත් වෙලා මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ඕනේ. පමුණුවේ අලුයම වෙළෙඳාම් කරන අපි ගැන කිසිම රජයකින් අවධානයක් යොමු වෙලා නැහැ. මේ අය බලයට එනකොට කිව්වා දේශීය කර්මාන්ත රැකගන්නවා කියලා.

ඒ රැකගැනීම ඉෂ්ට කරන්න ඕනේ. අපි කඩාකප්පල්කාරී විදියට හැසිරෙන්නේ නැහැ. උද්ඝෝෂණවලට යන්නෙත් නැහැ. අපි අහිංසකව ඉල්ලීමක් විතරයි කරන්නේ. අපිට උද්ඝෝෂණ කරන්න වෙලාවක් නැහැ, මොකද මේ උත්සව කාලයේ අපිට මේ ව්‍යාපාරයේ නියැළෙන්න ඕනේ.”

What's your reaction?

Related Posts

1 of 684

Leave A Reply

Your email address will not be published. Required fields are marked *