පයාගල දුම්රිය හරස් මාර්ගයකදී මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ දුම්රියක් කැබ් රථයක ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ කැබ් රථය දුම්රියේ ගැටීමෙන් වාහනයට දැඩි හානි සිදුව ඇති අතර, මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද විය හැකි බව දුම්රිය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.


























