පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් උදෑසන 8 ට බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල්හි ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට විධායක කමිටුව තීරණය කරන ලදී.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම්තුමාගේ ලිඛිත එකඟතාවයන් මත මෙම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරණ ලදී.

ඒ අනුව බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් ඉටුකරන සියලුම පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි ඉටු කරන ලෙස සමස්ත සාමාජිකත්වයට දැනුම් දී ඇත.


චානක ධර්මවික්‍රම
ලේකම්
පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *