පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වැඩවර්ජනය අදත්

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩවර්ජනය අද(06) දෙවැනි දිනටත්  ක්‍රියාත්මක වේ.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙතෙක් විසදුමක් නොලැබීම හේතුවෙන් මේ පියවර ගත් බවයි.

උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය විද්‍යා පීඨ උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුලු ගැටළු 5ක් මුල් කර ගනිමින් ඔවුන් ඊයේ(05) උදෑසන ආරම්භ කළ එම වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කරා පැමිණි රෝගීන් දැඩි පීඩාවට පත්විය.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *