ලෝක පරිසර දිනය යෙදෙන ජුනි මස 5වැනිදාට සමගාමීව මැයි මස 30වැනිදා සිට ජුනි මස 5 වැනිදා දක්වා පරිසර සතියක් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
මෙවර ජගත් පරිසර දින තේමාව “ ප්ලාස්ටික් භාවිතය දුරලමු“ වන බව සඳහන් කළ ඒ මහතා , මූලික තේමාව පෙරදැරිව “දලුලන්න – ඉඩදෙන්න “ තේමාව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.පරිසර පුනර්ජීවනය ඇති කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ජගත පරිසර දිනය චාරිත්‍රයක් ලෙස සැමරීමට නොව පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍යකරන ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බව බව සඳහන් කළ ඒ මහතා වඩාත් වගකීම් සම්පන්න , රටට, ජනතාවට මෙන්ම ලෝක ප්‍රජාවට වග වන වගකියන වැඩසටහනක් බවට පත් කර ගැනීම අරමුණ වන බවදච ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
පරිසර අමාත්‍යංශය සහ එයට අනුබද්ධ ආයතන මෙන්ම සියලුම රාජ්‍ය ආයතන , ක්ලීන් ශ්‍රී ලකා ලේකම් කාර්යාලය සහ පාරිසරික සංවිධාන සමග එක්ව මෙවර පරිසර දිනය සැමරීමට නියමිත බව පැවසූ ඒ මහතා මේ සඳහා සහයෝගය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඒ මහතා ඉල්ලීමක් කළේය.
