මුහුණු වසාගෙන ලොරියකින් පැමිණ ධාවනය වෙමින් තිබූ ටිපර් රථයක් නවතා එහි ඉදිරිපස රෝද දෙක කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
කොල්ලකෑ රෝද දෙකද පොලිස් භාරයට ගෙන ඇත.
නාර්තු පාන සිට හොරවල දෙසට ටිපර් රථය ධාවනය වෙමින්තිබියදී පස් දෙනෙකුගෙන් යුත් කල්ලියක ලොරියකින් පැමිණ නෑබොඩ ප්‍රදේශයේදී මඟ හරස්කර ටිපර් රථය නවතා රියදුරුට තර්ජනය කර එහි ඉදිරිපස රෝද දෙක ගලවාගෙන රැගෙන ගොස් මඳ වේලාවකට පසු රිම් දෙක නැවත එම ස්ථානයේ දමා පලා කී බවට ලද පැමිණිලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.
පැමිණි පිරිසෙන් දෙදෙනෙකු මුහුණු වසාගෙන පැමිණි බවට ටිපර් රියදුරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත,
ලද පැමිණිල්ල අනුව වැලි පැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් කේ අනුරජිත් මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වූ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ලොරියේ රෝද දෙක කොල්ලකන ලද ප්‍රධාන සැකකරු ලිහිණියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශන වලදී කොල්ලකෑම සිදු කල ප්‍රධාන සැකකරු මීට දින කීපයකට ඉහතදී මෙම ලොරිය ඔහු බාරයේ තබාගෙන පරිහරණය කරමින් තිබියදී හිමිකරුට පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවිම හේතුවෙන් හිමිකරු විසින් ටිපර් රථය නැවත ලබාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
එකී කාල වකවානුවේදී අත්අඩංගුවට ගත් සැකකරු ලොරියේ ඉදිරිපස ටයර් දෙක ගෙවී තිබීම හේතුවෙන් අලුතින් ටයර් දෙකක් දමා ඇතැයිද එය කොල්ලකෑමේ අරමුණින් මෙම අපරාධය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත
තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි
වැලි පැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස්පරීක්ෂක එස් කේ අනුරජිත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්‍රමතුංග පොලිස් සැරයන් 62952 වික්‍රමතිලක පොලිස් කොස්තාපල්වරුන් වන 70807 ගයන්ත 96295 ගාමිණී මහත්වරුන් පරීක්ෂණ පවත්වයි