පස් හැවිරිදි දියණියට වධ දී වීඩියෝ කළ අමානුෂික පියෙකු කොටු වෙයි!

කොළඹ 15, මාදම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පදිංචි පුද්ගලයෙකු තම පස් හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහර දී, එම දර්ශන වීඩියෝ කර විදේශගතව සිටින තම බිරිඳට යැවීමේ පුවතක් සම්බන්ධයෙන් පෙබරවාරි 8 වනදා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එහි සිටි කාන්තාවක් පොලිස් නිලධාරීන්ට පහර දී බාධා කිරීමට උත්සාහ කර ඇති අතර, රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඇයව ද අත්අඩංගුවට ගෙන ඇත. මාදම්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,007

Leave A Reply

Your email address will not be published. Required fields are marked *