දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක බව අධිකාරිය පැවැසීය.
අද (28) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල,පේරාදෙණිය, ගෙලිඔය, ගම්පල, උදුපුස්සලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා අතිරේක කණ්ඩායම් 05ක් ද යොදවා සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී වැඩි මිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළදුන් 25 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.
පසුගිය දිනවල පමණක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සහල් වැඩි මිලට අලෙවි කල වෙළදුන් 170 කට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකළ අතර අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වල දී වැඩි මිලට සහල් අලෙවිකළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 750,000.00 ක දඩ මුදලක් සහ පිටකොටුව ප්‍රදේශයේ තනි පුද්ගල ව්‍යාපාර 3ක් සදහා එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 250,000.00 බැගින් ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබේ.
තවද මාතර දිස්ත්‍රික්කයේ වෙළදුන් 10 දෙනෙකු අධිකරණවලට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එක ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂය බැගින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර ඇත.
ඒ අනුව පසුගිය දිනවල සහ අද දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වලට අදාලව පමණක් සහල් වැඩි මිලට අලෙවිකරණ ලද වෙළදුන්ට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අදාල අධිකරණ මගින් නියම කර ඇති අතර තවදුරටත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.