පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටි බ්‍රිතාන්‍ය ගුරුවරියක අමානුෂික පහරදීමකින් කම්පනයට පත්ව සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

නිවාඩුවක් ගතකිරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මිතුරකු සමඟ පැමිණ සිටියදී අමානුෂික ප්‍රහාරයකට ලක්වීමෙන් පසු තමන් බිහිසුණු තුවාල සහිතව සිටි බව එලී ඕවන්ස් ප්‍රකාශ කර ඇත.

තමාව හෝටල් කාමරයක සිරකර සිටි බවත්, ප්‍රහාරකයා ඇයට පහර දුන් විට උදව් ඉල්ලා කෑගැසූ බවත් ඇය සඳහන් කර ඇත.

මෙම කම්පන සහගත සිදුවීම 24 හැවිරිදි ගුරුවරියට ‘පිටතට යාමේ භීතිකාව’ ඇති කර තිබේ.

“මට ප්‍රහාරයේ වැඩි විස්තර මතක නැහැ,මට මතකයි ආපහු හෝටල් කාමරයට ඇවිත් කාමරේ හිරවෙලා හිටියා. මට හෝටලයේදී පහර දුන්නා. මම බීමත්ව සිටිය නිසා මතකයක් නැහැ , නමුත් මට මතකයි බහින්බස්වීමක් සිදු වුණා. මට ගැහුවා මතක නැහැ, මම අවසිහියට පත්වුණා” යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇත.

ප්‍රාථමික පාසල් ගුරුවරියක වන ඇය ප්‍රහාරයෙන් පසු කම්පනයට පත්ව ඇති අතර, සුවය ලබන අතරතුර සතියකට වැඩි කාලයක් රැකියාවෙන් ඉවත් වී සිටීමට සිදු වූ බව ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත්,පසුගිය මාස 11ක කාලය තුළ තමාට වැඩිපුරම බලපෑවේ ශාරීරික වේදනාව නොවන බව ඇය පවසයි.

“සිදු වූ දේ ගැන මට ලැජ්ජාවක් දැනුණා. මම මිනිස්සුන්ට බොරු කිව්වා මම වැටුණා කියලා, මම ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා මම දැනගෙන හිටියේ නැහැ, ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදු වුණා. එය මගේ මානසික සෞඛ්‍යයට බෙහෙවින් බලපෑවා, මට දැන් සුවය ලැබී තිබෙනවා. දැන් සිදු වූ දේ ගැන කතා කරන විටත් මට ඇතිවෙන්නේ අපහසුවක්. ” යනුවෙන් එලී පවසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *