පසුගිය වසර තුළ ළමා සියදිවි හානි කරගැනීම් 200කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි.

පසුගිය වසර තුළ ළමා සියදිවි හානි කරගැනීම් 200කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි.
සමාජ මාධ්‍යය භාවිතය ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව නවතම දත්ත පෙන්වා දෙන බව එම සංගමය පෙන්වා දෙයි.

ළමා සියදිවි හානි කරගැනීම්..

2022 වසරේ අවුරුදු 18ට අඩු දරුවන් 133 දෙනෙක්  සියදිවි හානි කරගෙන තිබෙන අතර නිල නොවන දත්ත අනුව පසුගිය වසරේ 270ක් බවට වාර්තා වන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසීය.

රටක් වශයෙන් කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ගැඹුරු ලෙස සලකා බලන බවත් තොරතුරු රැස් කර තිබෙන බවක් කියා සිටෘ ඒ මහතා ඉදිරි සති දෙක තුළ මේ පිළිබඳව අපි තොරතුරු අනාවරණය කරන බවද කීවේය.
මේ සියලුම දේවලට විවිධ හේතු තියෙනවා. සමාජ මාධ්‍ය කොයි විදියටද තහනම් කරන්නේ කියන එක සම්බන්ධයෙන් විමසා බලනවා.
සමාජ මාධ්‍ය භාවිතයේ වාසි අවාසි දෙකම තිබෙනවා . මේක පාලනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා යැයිද හෙතෙම සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *