පසුගිය වසර හතරක මූල්‍ය අක්‍රමිකතා දූෂණය ගැන C I D පැමිණිලි

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පසුගිය වසර හතරේ සිදුවූ මුදල් වංචා ගැන හිටපු පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳිල්පිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා..

බස්නාහිර පළාත් සභාවේ ධූර කාලයේ 2019 අවසන් වුණා..

අවසාන කාලයේ මං දිගින් දිගටම පෙන්වා දුන්නා නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බරපතළ දූෂණ සිද්ධ වෙන බව..

ඇතැම් දේවල් ගැන විගණන පරීක්ෂණ සිද්ධ වුනා සමහරක් එවගේ සිද්ධ වුණේ නෑ..

මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරියේ බලපත්‍ර ලබාදීම ගැන චෝදනා කරලා තිබුණා..

දේශපාලනය නිසා මේ ආයතන අරක් ගත්ත අය මේවට සම්බන්ධ උනා..

2024 දක්වාම මාර්ගස්ථ මගේ ප්‍රවාහන අධිකාරියේ වංචා දූෂණ සිදුවෙලා තියෙනවා..

අධිවේගී මාර්ග බලපත්‍රවලට මුදල් වංචා කරලා තියෙනවා කෝටි ගණන්..

ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරලා තියෙනවා..

පසුගිය වසර හතර තුළ මේ නිලධාරීන් අත යට ගනුදෙනු කරලා තියෙනවා කෝටි පනහක පමණ වංචාවක්..

අපි විගණන වාර්තා සමග පැමිණිලි කරා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුට

ජනතාවගේ හොරකම් කරපු මුදල් නැවත ජනතාවට ලබාදෙයි කියලා අපි මේ රජය ගැන විශ්වාස කරනවා..
ඒ නිසා තමයි අපි පැමිණිලි කරේ..

මේ මුදල් ගනුදෙනු කරපු නිලධාරීන් බලධාරීන් නීතිය හමුවට ගේන්න කියලා අපි ඉල්ලනවා..

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *