පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තු⁣වේදී සම්මත වෙයි…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත (17) පාර්ලිමේන්තුවේදී  විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත විය.

පනත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර විපක්ෂව කිසිඳු ඡන්දයක් භාවිතා නොවීය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා දැනුම් දුන්නේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය වී තිබුණේ, පනත් කෙටුම්පතේ 2 වැනි සහ 3 වැනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව සමග අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ (2) ඡේදයට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළයුතු බවයි.

What's your reaction?

Related Posts

1 of 558

Leave A Reply

Your email address will not be published. Required fields are marked *