පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් අද(05) සහ හෙට(06) පාසල් නිවාඩු

2025 මැයි මස 06 වන දින පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දිවයිනේ සියලු ම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින නිවාඩු ලබා දෙන අතර, 2025.05.07 දින පාසල් නැවතආරම්භ කළ යුතු බව අධ්‍යාපන අමාත්‍්‍යංශය නිවේදනය කරයි.

මැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා ඇතැම් පාසල් 8 වැනිදා ආරම්භ වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද පෙට්ටි සහ අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතීන් වෙත භාරදීම සහ ආපසු භාර ගැනීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිඵල වගුගත කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ගොඩනැඟිලි, අධ්‍යාපන විද්‍යාපීඨ සහ උසස් තාක්ෂණ ආයතන සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව ලිපියක් නිකුත් කරමින් මෙම නිවාඩුව අනුමත කර තිබේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කළ යුතු ය. ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, ඩෙස්ක්, පුටු සහ ශාලා පහසුකම් ලබා දීමට සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතුය.

ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද පෙට්ටි හා අනෙකුත් බඩු බාහිරාදිය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කරන හා ආපසු භාර ගන්නා මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේ දී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද වැඩි දුරටත් එම ලිපිය මඟින් දැනුම් දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 735

Leave A Reply

Your email address will not be published. Required fields are marked *