පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට..

2025 පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අදින් ආරම්භ වෙයි.

එම කටයුතු සිදු වන්නේ, උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වායි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී නාම යෝජනා භාර ගැනීම සිදුවන්නේ, තේරීම් භාර නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ය.

සාමාන්‍ය පෙළ විභාගයට බාධා නොවන අයුරින් නාම යෝජනා භාරදීමේදී කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, අපේක්ෂකයින්ට දැනුම් දෙයි.

පළාත් පාලන ආයතන 336 ක් සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ද, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

මැතිවරණ දිනය, ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *