පළාත් පාලන ඡන්ද විමසීමේ,තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවැනි දිනටත්..

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අදත් සිදු කෙරේ.

මැතිවරණ කොමිසම පැවසුවේ ඒ සඳහා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්ද සලකුණු කළ හැකි බවයි

ඊයේ (24) දිනයේ ඇරඹුණු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 28 සහ 29 යන දින දෙකේදීද සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට එම දිනවල තැපැල් ඡන්ද සලකුණු කළ හැකියි.

මේ අතර සිරි දළදා වන්දානවේ රාජකාරී කටයුතුවල නිරත පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ  තැපැල් ඡන්දය සලකුණු කිරීමේ විශේෂ මාධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 707

Leave A Reply

Your email address will not be published. Required fields are marked *